ගෙවල් බීදීම් වලට සම්බන්ධ කතක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට – ඡායාරූප

Share

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ මහවැව ප්‍රදේශයේ නිවසක දිවා කාලයේ වහලයේ උළු ගලවා ඇතුළු වී එහි තිබූ විදුලි උපකරණ ජංගම දුරකථන සහ මුදල් තොගයක් කොල්ලකෑ සැකකරුවකු සහ සැකකාරියක එම කොල්ලකෑ භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හෙරොයින් පානයට දැඩිලෙස ඇබ්බැහි වී ඇති බවට පොලීසිය පවසන අතර සැකකරුවන් හට අධිකරණ කිහිපයකම නඩු විභාග වන බව ද පොලීසිය පැවසීය.

මෙම සැකකරුවන් ප්‍රදේශයේ ගෙවල් බිදුම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අය බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්මැද්ද අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 අයෙක් වන අතර සැකකාරිය වැලිගම පැලැල්ල ප්‍රදේශයේ පදිංචි වයස 52ක පසුවන්නන් වන අතර ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බවටද පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන් අද(01) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News