හෙළ උරුමයෙන් ජනපතිට ඉල්ලීමක් කරයි

Share

ජනතාව තුළ ඇති සමාජ ආතතිය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම පියවර ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ අමාත්‍ය රිෂාද් බදියුදීන් හා පළාත් ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම් එල්. ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරයන්ගෙන් ඉවත් කළ යුතු බවට රට පුරා ජනමතයක් බිහිවී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මාරාන්තික උපවාසයක් අරඹා ඇත්තේද මෙවන් පසුබිමක් තුළ බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තවදුරටත් දුරදිග යාටම ඉඩ දී බලා සිටියහොත් මහනුවර පමණක් නොව රට පුරාම උපවාස සත්‍යක්‍රියා හා වෙනත් විරෝධතා හටගෙන මේ වනවිට සමාජය තුළ පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටීමට ඉඩ ඇති බවයි ජාතික හෙළ උරුමය පෙන්වා දෙයි.

එම නිසා ජනාධිපතිවරයා තමන්ට ලැබී ඇති බලතල යොදා ගනිමින් ආණ්ඩුකාරවරුන් සම්බන්දයෙන්ද අගමැතිවරයාගෙන්ද විමසා ඇමතිවරයා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බව  අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Read more

Local News