ජනාධිපතිවරණයට හොඳම පොදු අපේක්ෂකයා මෙන්න

Share

ඉදිරි ජනාධිපතිවරයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු හොඳම පොදු අපේක්ෂකයා බවයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත්  ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු තෝරා ගෙන ඇති බවපාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Read more

Local News