කොස්තාපල් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

Share

නිති විරෝධි මත්පැන් වැටලිමකට ගිය අකුරැස්ස පොලිසියේ කෙස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද (02) අලුයම පොලිස් වෙඩි පහරකින් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 22 වැනි දින සවස 5 ට පමණ අකුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ඌරුමුත්ත ප්‍රදේශයේ නිති විරෝධි මත්පැන් වැටලිමකට ගිය අවස්ථාවේ සැකකරු කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.

පොලිසිය සැකකරු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටියදි ලැබුණු තොරතුරක් අනුව අද අලුයම කරන ලද වැටලිමකදි පොලිස් නිලධාරියා ඝාතනය කරන ලද ස්ථානය ආසන්නයේදි පොලිසිය සමඟ  සිදුවු වෙඩි  හුවමාරුවකදි සැකකරු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Read more

Local News