ජනාධිපතිවරණය දෙසැම්බර් 7 ද ?

Share

2015 ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි මස 9වනදා ජනාධිපතිවරයා ලෙස සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

වසර 6 දුර කාලයට පත්වූ ජනාධිපතිවරයා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තම ධුර කාලය වසර 5කට සීමා කරගත්තේය.

ඒ අනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ, 2020 ජනවාරි 09වනදායි.

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස තම අභිලාෂය ප්‍රකාශ නොකළහොත් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතට අනුව, ජනාධිපතිවරණයේ දින තීරණය කිරීමේ නෛතික බලය මැතිවරණ කොමිසමට පැවරෙයි.

ඒ අනුව ධුර කාලය අවසන් වීමට පෙර මසකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය හිමිවනු ඇති.

එළඹෙන ජනාධිපතිවරණය දෙසැම්බර් 7වෙනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම ඊයේ දිනට යෙදි තිබු ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව ඡන්ද හිමියන්ගේ නාමලේඛණ එකතු කිරීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රදේශයෙන් ආරම්භ විය.

ඊයේ දිනට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වන පුද්ගලයින්ට ඔක්තෝම්බර් මස අවසන් වීමෙන් අනතුරුව පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතියි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාමාර්ග පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පැවසු පරිදි දෙසැම්බර් 07වනදා ඡන්දය පැවැත්තුවහොත් ජනපති තෝරාපත් කර ගැනීමේ පනතට අනුව ඊට පෙර සති 4කට නොඅඩු හෝ සති 6කට නොවැඩි කාලයක් තුළ නාමයෝජනා කැඳවිය යුතු වේ.

ඒ අනුව ඔක්තෝම්බර් මස අවසන් සතියේ දී 2020 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ඇති.

Read more

Local News