මේ රටේ සියලු නායකයො අල්ටකියාවට අහුවෙලා ඉන්නෙ

Share

සියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

‘දැය ගොඩනගන වැඩපිලිවෙළ’ මැයෙන් යෝජනා ඇතුලත් ලිපියක් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන්ට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පිරිනැමීම සඳහා ඊයේ (01) පේරාදෙණිය ගැඨබේ රාජෝපවනාරාම විහාරස්ථානයට වැඩමකළ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“සිංහල දේශපලඥයන්ගේ කලු සල්ලි සුදු කරන්නෙ කා හරහාද කියා හොයල බලන්න අවශයයි. අපි දන්නව ඒව ඉස්සෙල්ලාම අනතුර අඟවන්න අවශ්‍යයි. මේ ජාතික ප්‍රශ්නයට අවධානය යොමු නොකළහොත් ඒ අයගේ  නම් පිටින් හෙළි කරනවා” යැයි උන්වහන්සේ පැවැසූහ.

“අන්තවාදින්ගෙ තියෙනව අල්ටකියා කියල. අල්ටකියා කියන්නෙ තමන්ගෙ අරමුණු ඉෂ්ඨ කරගැනිම සඳහා ඕනෑම කෙනෙකු රැවටීම. මම වගකිමෙන් කියනව මේ රටේ සියලු නායකයො ඔක්කොම මේ අල්ටකියාවට අහුවෙලා ඉන්නෙ.

එතනින් නොගැලවුණොත් නැවත ඉතිහාසයේ හරවන්න බැරි වරදක් කරගන්න බව මතක තියාගන්න. මාව හෙට හිරේ දැම්මත් එය පැවැසුවේ නැත්තම් මෙය මගේ බේරුමට හිටියොත් අපේ සොහොන් කොත් වලට  හෙන ගහයි.”

Read more

Local News