දියවැඩියාවෙන් පෙළන පුද්ගලයින්ගෙන් 30% කට අක්ෂි ආබාධ

Share

දියවැඩියාව වැළඳී ඇති පුද්ගලයින්ගෙන් 30% ක් අක්ෂි ආබාධවලට ගොදුරුවී ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කපිල බන්දුතිලක මහතා සඳහන් කළේ, දියවැඩියාව හේතුවෙන් අක්ෂි ආබාධවලට ගොදුරු වන්නන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

දියවැඩියාව වළඳුණු පුද්ගලයින්ගෙන් 10 % කගේ ඇස් පෙනීම දුර්වල වී ඇති අතර 1% – 4 % ත් අතර ප්‍රතිශතයක් සම්පුර්ණයෙන්ම අන්ධ භාවයට පත්ව ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි ව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News