යෙන් සමඟ ජපන් ජාතිකයෙක් රේගු අත්අඩංගුවට

Share

ජපන් යෙන් පනස් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර ජපානය වෙත රැගෙන යෑමට තැත් කළ ජපන් ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු 38 හැවිරිදි ජපන් ජාතිකයෙකු වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන්නෙකි.

ඔහු ඊයේ (01) දින රාත්‍රී 7.20 ට ජපානයේ නරීටා බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එහිදී ඔහු විසින් ඇමෙරිකානු ඩොලර් 10,000 ක් වටිනා මුදල් ප්‍රමාණයක් තමා සතුව ඇති බවට ගුවන් තොටුපළ රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඒ පිළිබඳව රේගුවට මතුවු සැකයක් හේතුවෙන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී , ඒවා තුළ සඟවා ගෙන තිබූ රුපියල් අසූ එක් ලක්ෂ තිස් දහස් පන් සීයයක් (81,30,500) වටිනා ජපන් යෙන් පනස් ලක්ෂයක් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත සිදුකර ඇත.

Read more

Local News