රුසියාවේ පිපිරීමක් – 79 කට තුවාල

Share

රුසියාවේ කර්මාන්තශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 79 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් අසළ පිහිටි නිවාස 180කට ද හානි සිදුව ඇති බවයි.

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක මෙම පිපිරිම සිදුවුණි.

නගර බලධාරීන් ප්‍රකාශ කළේ එය හමුදාව සඳහා අධි බලැති බෝම්බ නිෂ්පාදනයට සහ ගබඩා කිරීමට යොදා ගන්නා බවයි.

පිපිරීමෙන් අදාළ කර්මාන්තශාලාවේ සැකසුම් පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

පිපිරීම සිදුවන අවස්ථාවේ කර්මාන්තශාලාව තුළ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති බව එහි නිලධාරියෙක් පවසයි.

කෙසේ වෙතත් ඔවුන් නිරුපද්‍රිතව ඉවත් කරගැනීමට හැකි වූ ඔහු සඳහන් කළේය.

පිපිරීමෙන් නගරයේ නිවාස සහ සෙසු කර්මාන්තශාලා වලද වීදුරු ජනෙල් බිඳි ගොස් තිබුණි.

බහුතරයකට වීදුරු කැබලිවලින් කැපුම් තුවාල සිදුව ඇති බවට වාර්තා වෙයි.

මේ අතර ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

මෙම සිද්ධිය පිළිබඳව රුසියා විමර්ශන කමිටුව විසින් දැනටමත් විමර්ශනයක් අරඹා ඇත.

අදාළ කර්මාන්තශාලාව ආරක්ෂණ නීති උල්ලංඝනය කර ඇත්ද යන්න පිළිබඳව ඔවුන් එහිදී සොයාබලනු ඇත.

මෙහිදී 80ක පමණ පිරිසක් වෛද්‍ය උපදෙස් ලබාගත් බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේය.

ඒ අතුරින් 38 දෙනෙකු කර්මාන්තශාලාවේ සේවකයින් බවත් 41 දෙනෙකු ප්‍රදේශවාසීන් බවත් වාර්තා වෙයි.

Read more

Local News