ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය හෙට ලංකාවට

Share

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිතව ඇත.

අමාත්‍යවරයා හෙට (03) දිනයේ දිවයිනට පැමිණිමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේය.

පීටර් ඩට්න් මහතා සිය සංචරය තුළදී ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇති.

එමෙන්ම ඔහු හෙට දිනයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද නියමිතයි.

එම දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

අනිද්දා දිනයේ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට ද කටයුතු සූදානම් කර ඇත.

Read more

Local News