ඉන්දියාවට දුන් බදු සහනයක් අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරයි

Share

ඉන්දියාවට ලබාදුන් බදු සහනයක් අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ලබන පස් වැනිදා සිට බලාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බවයි.

ඉන්දියාවට ලබා දෙන වරණීය තීරු බදු සහනය ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කර ඇත.

ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ සිය රට ලබා දී තිබූ තීරු බදු සහනයෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි.

වෙළඳ සහ ආර්ථික සංවර්ධනය පදනම් කර ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 120ක් සඳහා අමෙරිකාව තීරු බදු පැනවූයේ නැහැ.

එම රටවල් අතරට ඉන්දියාව ද අයත්ය.

කෙසේවෙතත් ජනාධිපති ට‍්‍රම්ප් ගත් තීරණය හමුවේ ඉදිරියේදී ඉන්දියාවේ මෝටර් රථ හා යතුරුපැදි අපනයනය සඳහා බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂිතයි.

වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක පමණ භාණ්ඩ ඉන්දියාව විසින් අමෙරිකාවට අපනයනය කරනු ලබන බවයි විදෙස් වාර්තා පවසයි.

මේ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීමට ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

මෙවර මහ මැතිවරණයෙන් පසු ඉන්දියාවේ බලයට පත් වූ අගමැති මෝදි ප්‍රමුඛ නව රජයට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙයි.

අමෙරිකාව ඉකුත් ජුනි මාසයේදී වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා 10% ත් 25 %ත් අතර බදු පැනවීමෙන් පසු ඉන්දියාව සහ අමෙරිකාව වෙළඳ සාකච්ජා ආරම්භ කළේය.

අමෙරිකාවේ බදුවලට ප්‍රතිචාර ලෙස එරටට එරෙහිව බදු පැනවීමට ඉන්දියාව සැලසුම් කළ නමුත් දෙපාර්ශවයේ සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්කරගැනීමේ අරමුණින් එම බදු මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගෙන නැත.

Read more

Local News