අපිට ප්‍රේක්ෂකයන්ගේ සහාය ඉතාමත් වැදගත් – දිමුත්

Share

පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රේක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භකරමින් පැවැති පළමු තරගයේදී දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“හැමකෙනෙක්ම මෙහාට ආවේ (කාඩිෆ්) හොඳ තරගයක් බලන්න. ඔවුන් ගොඩක් දුර ඉඳන් ඇවිත් තිබුණා. ඔවුන්ගේ මුදල් වියදම් කරමින්. අපි ඔවුන්ට හොඳ තරගයක් ලබාදිය යුතුව තිබුණා. පැරදීම එක දෙයක්. නමුත් අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තරග කළ යුතුව තිබුණා.

ඔබ ලකුණු 130ක් නම් රැස්කරන්නේ එය තරගයක් නෙමෙයි. පෞද්ගලිකව ගොඩක් අය අපිට සුබ පැවැතුවා. පළමු තරගයේදී හොඳින් කරන්න සුබ පැතුවා. හැමකෙනෙක්ම මේ තරගයේ සිට ඉදිරියට යන්නයි බලාපොරොත්තු වුණේ.

අපි ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහාය අපිට වැදගත්. අපිට තවත් තරග අටක් තිබෙනවා. අපි නැවත ඇවිත් තරගයක් දිය යුතුයි. අපි එක තරගයක් ජයගත හොත් අපි ඉදිරියට යනවා.

අපිට ලැබෙන සහාය ඉතාමත් වැදගත්. මොකද කණ්ඩායමේ ඉන්නේ 15 දෙනයි. අපිත් එක්ක ගමන් යන්නේ 30යි.”

Read more

Local News