දකුණු ආසියානු කලාපයේ දුර්වලතම ආර්ථිකයක් හිමි රට ලංකාව

Share

ශ්‍රී ලංකාව මේ වනවිට දකුණු ආසියානු කලාපයේ දුර්වලතම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වී ඇති බව අචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය රටේ ගැටලුවලට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.

ලංකා ඉතිහාසයේ කිසිදෙනෙකත් නොවු විරූ ආකාරයේ ආර්ථික අර්බුදයකට අද ලංකාව පත්ව ඇති බව ජනතාවට අමතක වෙලා මාධ්‍ය ක්‍රියාකරන ආකාරයත් එක්ක.

“අපි හිතපු තැනට වඩා කොච්චර පහළින්ද අද යහපාලනය තියෙන්නේ.

සැලසුම් කළ විදිහට කළානම් 2018 වන විට මේ රටේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 127ක් විය යුතුයි.

නමුත් 2018 අවසන් වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 88න්.

ඩොලර් බිලියන 40ක් පිටුපසින්.

එළඹෙන අවුරුද්ද වන විට ඩොලර් බිලියන 60ක් පිටුපසින්.

ආසියාවම ආර්ථික වේගය 6%කට වඩා වේගයෙන් වර්ධනය වෙද්දී අපි 3.1%කට කඩන් වැටිලා.

අපි ඉන්නේ ආසියාවේ දුර්වලම ආර්ථිකයක.

අපේ ආර්ථික වේගය සමාන වෙන්නේ ඇෆ්ගනිස්ථානයට.” යනුවෙන් ඒ මහතා පැවසීය.

මතුගම ප්‍රදේශයේ පැවති “වියත්මග” සම්මන්ත්‍රණයට එක්වෙමින් අචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කලේය.

Read more

Local News