රාජ්‍ය සේවක ඇඳුම ගැන චක්‍ර ලේඛය අහෝසි කළා

Share

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, අපදා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍ර ලේඛය අවලංගු කර ඇති බවයි.

‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්විය.

කෙසේ වෙතත් අමත්‍යාවරයා සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිසකගේ විරෝධය සාර්ථක වූ බවයි. ජනපති ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව මෙම චක්‍ර ලේඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබූ බවත්  හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.

නිකුත් කර තිබූ චක්‍ර ලේඛය

 

Read more

Local News