වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි 542ක් දක්වා ඉහළට

Share

පොලිස් අත්අඩංගුවේ පසුවන කුරණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇත.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් සිසේරියන් සැත්කම් වලට ලක් කිරීමෙන් පසු යළි පිලිසිඳගැනීමක් සිදු නොවු බව සහ සැත්කමින් පසු සංකූලතා ඇතිවූ බව පවසමින් අද පෙරවරුවේ සිට මව්වරුන් 40 දෙනෙකු
කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි කලේය.

වෛද්‍ය ශාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 542කි.

මේ අතර වෛද්‍ය මොහොමඩ්  ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව සිය අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට හෙට භාර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් පරීක්ෂනයක් කිරීම සදහා සෞඛ්‍ය අමාතයංශය විසින් පත්කළ කමිටුව අහෝසිකර ඒ වෙනුවට නිර්පාක්ෂික ස්වාධින පරීක්ෂණ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලමින් අද පෙරවරුවේ අම්බලංගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදි විරෝධතාවක් පැවැත්වුණි.

ඊට භික්ෂූන් වහන්සේ , ප්‍රාදේශිය දේශපාලකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

Read more

Local News