දීපිකාගේ නවතම චිත්‍රපටය ‘චහපාක්’ලබන වසරේදී

Share

වැඩිමහල්ලෙකු සරණපාවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව පසු කාලීනව ජීවිතය ජයගත් ඉන්දීය කාන්තාවක අළලා තැනෙන නවතම චිත්‍රපටය ‘චහපාක්’, දීපිකා පදුකෝන්ගේ රංගනයෙන් ලබන වසරේදී බොලිවුඩ් තිරයට පැමිණෙයි.

ලක්ෂ්මී අගර්වාල් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩනැගෙන මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ වඩාත් ප්‍රකට ඇසිඩ් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රධාන දහරාවේ චිත්‍රපටයක් තුළ කතාබහට ලක්කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය බව කියැවෙයි.

2014 වසරේදී ඇය ඇසිඩ් ප්‍රහාරයකට ලක්වන විට ඇගේ වයස අවුරුදු 15ක් වන අතර, ඇයගේ වයසට වඩා දෙගුණයකට වඩා වැඩි අයෙකු සරණපාවා ගැනීම මෙසේ ඇය ප්‍රතික්ෂේපකර ඇත.

මින් කෝපයට පත් මෙම තැනැත්තා ඇයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, මේ නිසා ඇගේ මුහුණ සහ අත්පාවලට දැඩි හානි සිදුවෙයි.

2016 වසරේදී ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාර 206ක් වාර්තා වන අතර, මේ බොහෝ ප්‍රහාර පුරුෂයන් විසින් කාන්තාවන් ඉල්කක කළ ප්‍රහාරයි.

ඉන්ස්ටර්ග්‍රෑම් වෙත මෙම චිත්‍රපටයේ රූපරාමුවක් මුදාහැර ඇති පදුකෝන්, ඉන් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ අගර්වාල්ගේ චරිතය පිළිබිඹු කර සිටියි.

Read more

Local News