වර්ධනය වන ජනතාවට සාපේක්ෂව වසරකට බිහිවන වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන්ගේ සංඛ්‍යාව ජාතික අවශ්‍යතාව සපුරාලීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (2) පෙරවරුවේ කොළඹ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
“රජයක් ලෙස කළ හැකි යම් සීමිත කොටසක් සෞඛ්‍ය සේවාව.
ඒ තමයි භෞතික සම්පත් සහ මානව සම්පත් ලබා දීම.
අපි සීමාවෙන් තොරව මේ රටේ වාර්ශික අයවැය යෝජනා තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට භෞතික සම්පත් ලබා දීම සිදු කරනවා.
මානව සම්පත් ලබාදීමේදී වෛද්‍යවරුන් සහ හෙද සේවය පිළිබඳව ඇති ගැටලුව පවතී.
වාර්ෂිකව වෛද්‍යවරුන් හෙද සේවයේ නියුතු පිරිස් විදෙස් විදෙස් රටවල සේවයට යාමත්, වාර්ෂිකව විශ්‍රාම ගතවන පිරිසත් ගත් විට මානව සම්පත සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් වන්නේ නෑ.
රටේ ජනගහනය දුගී බව සමාජ විශමතාවය සමාජ ප්‍රශ්න තුළ රටේ රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වෙනවා.
ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට වාර්ශික අයවැයකින් වෙන් කරන අති විශාල මුදල වගේම රෝග වැළැක්වීම රෝග නිවාරණය හා හදිසි අනතුරු වැළැක්වීම හා පාලනය සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල ප්‍රමාණවත් මදිකමක් අපි දකිනවා.
කෙසේවෙතත් ඒ සියළු ගැටලු හා ප්‍රශ්න තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමටත් මේ විද්‍යායතනය නියෝජනය කරන ඔබගේ කැපවීම අපි රජයක් ලෙස හා මහජනතාව වෙනුවෙන් අපේක්ෂා කරනවා.”යනුවෙන් එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.