නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයන් 31ක් දැලේ

Share

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් විසින් සිදු කළ මුර සංචාරයන් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, 2019 ජූනි 01 නෝර්වේ දූපත අවට මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර දී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 23 ක්, ඩිංගියාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, මීටර් 225 ක දිගින් යුත් නීති විරෝධී ධීවර දැල් 02 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඉදිරි කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපොර්තමෙන්තුව මඟින් ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කර ඇත.

තවද, අද (ජූනි 02) වලල්තෝඩ්ඩාම් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර දී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 ක්, ඩිංගියාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීති විරෝධී ධීවර දැලක් සහ අනෙකුත් ධීවර ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කර තිබේ.

Read more

Local News