බංග්ලාදේශ, දකුණු අප්‍රිකා තරගයේ පළමුව පන්දුවට පහර දීම බංග්ලාදේශ කණ්ඩායමට

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩන්හිදී දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩාමට ලබා දුන්නා.

දකුණු අප්‍රිකානු දග පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් සහභාගී වන සියවන එක්දින ක්‍රිකට් තරගයද මෙය වන අතර 40 හැවිරිදි ඉම්රාන් තහීර් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන වයස්ගතම ක්‍රීඩකයායි.

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන පුහුණු තරග සඳහා එක් නොවූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් අද තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා සිටිනවා.

Read more

Local News