ප‍්‍රහාරය ගැන ත්‍රිපුද්ගල කමිටු වාර්තාව 10 වැනිදා ජනපති අතට

Share

අප්‍රේල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන 10 වන දා ජනාධිපතිවරයාට භාරදෙන බව එම කමිටුව පවසයි.

එහි සාමාජිකයෙකු සඳහන් කළේ, ප‍්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසීම පසුගිය 31 වනදායින් අවසන් කළ බවයි.

සාක්ෂි විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

එම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස හිටපු පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් කටයුතු කරනු ඇති.

මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය මීට පෙර ජනාධිපතිවරයාට අතුරු වාර්තාක් ද ලබාදුන්නේ ය.

Read more

Local News