කට පරිස්සම් කර ගැනීමෙන් කාටත් සනීපයි

Share

දේශපාලනඥයා රට වෙනුවෙන් කට පරිස්සම් කර ගත යුතු යැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පැවසීය.

දඹුල්ල මහනගර සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවට එක් වෙමින් නැවත පිටව යන අවස්ථාවේදී  ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු හට මේ වන විට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමේ දී ආණ්ඩුකාර ඒකනායක මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුකාරවරුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙන බවත් එහෙත් ඔවුන් දෙදෙනාගේ ආණ්ඩුකාර භූමිකාව ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුවක් තමන් නොදකින බවද පැවසීය.

එහෙත් ආණ්ඩුකාරවරුන් තම ජාතිය වෙනුවෙන් පමණක් නෙවෙයි රට වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් විමසීමේ දී කියා සිටියේ තමන්ට අයත් නැති ප්‍රශ්නයක් වුවද යම් කිසි ප්‍රශ්නයක් පිළිබඳව ඔවුන් දකින දැක්ම වෙනස් ආකාරයකින් පෙනෙන බව සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී දේශපාලඥයන් හා මහා බුද්ධිමතුන් කියන අයගෙන් ප්‍රකාශ නිකුත් වන ආකාරය පුදුම සහගත බවත් එහෙත් මහජනතාව වෙනදාට වඩා බුද්ධිමත්ව සිටින බවද ජනතාව එවැනි ප්‍රකාශ වලට කුලප්පු නොවන බවද කීවේය.

මෙම අවස්ථාවේදී කට පරිස්සම් කර ගත යුතු බවද  එය දෙවිදියකින් ආරක්ෂා කළ යුතු යැයි කීවේය.

එක් පැත්තකින් කටින් කන කෑම නිසා ලෙඩ හැදෙන බවත් කටින් කියන දේවල් නිසා රටට ලෙඩ හැදෙන බවත් එනිසා රට වෙනුවෙන් කට පරිස්සම් කර ගත යුතු යැයි  ද රට වෙනුවෙන් කට පරිස්සම් කර ගැනීමෙන් කාටත් සනීප යැයි කීවේය.

Read more

Local News