රතන හිමි සිව්වන දිනටත් අද උපවාසයේ

Share

පුජ්‍ය අතුරලියේ රතන හිමි ආරම්භ කළ උපවාසයේ සිව්වන දිනය අද(03) යි.

ඒ අනුව ඊයේ(02) රාත්‍රිය වනතුරුත් භික්ෂුන් වහනසේ ඇතුළු පක්ෂ විපක්ෂ දේශලපාලඥයින් උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා මහනුවර වෙත පැමිණ තිබුණි.

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමිගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද දිනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේය.

Read more

Local News