ජාතිවාදී කෝලාහල ඇති කරන්න එපා – අගමැති

Share

ජාතිවාදී කෝලාහල හරහා ප්‍රචණ්ඩත්වය වැපිරවීමට උත්සහ කරන්නන් සිදුකරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම බවත්, එම නිසා ඔවුන්ටද දඩුවම් දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනයේ පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යාපනයේ අඩු ආදායම්ලාභී 23,011 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 10,000ක් ඉදිකිරිමේ වැඩසටහනෙහි මුල් පියවර යටතේ ඉදිකෙරුණු නිවාස ජනතාව වෙත පිරිනැමිමේ උත්සවයටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණි.

එම අවස්ථාව සංකේතවත් කරමින් නිවාසලාභීන් 5දෙනෙකු වෙත නිවාස පිරිනැමිම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදි සිදුකෙරුණි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසු ආගමික නායකයින් මෙය ත්‍රස්තවාදයක් බව ජනතාවට කිව්වා.

ජාතිවාදී කෝලාහල ඇති නොකරන ලෙස ඔවුන් කිව්වා.

තමන්ට තිබුණු විශ්වාසය නිසා මුස්ලිම් ජනතාව තොරතුරු ලබාදුන්නා.

ඒවා අල්ලගත්තේ නැත්නම් ලංකාව වටේ තොරතුරු පැතිරෙනවා.

තොරතුරු වැඩියෙන්ම එන්නේ මුස්ලිම් ජනයාගෙන්.

IS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නෑ.

සහරාන්ගේ NTJ එකත් නැති කරලා තියෙන්නේ.

මෙයට යළිත් හිස ඔසවන්න දෙන්න බැහැ.

සතියකින් සාමාන්‍ය තත්වයට ඇවිත් පාසල් විවෘත කරන්න සූදානමින් සිටිද්දී ප්‍රදේශ කිහිපයක ජාතිවාදය ඇති කළා.

මුස්ලිම් කඩ, ගෙවල් වලට ගැහුවා.

මිනුවන්ගොඩ තමන්ට විරුද්ධව වෙළදාම් කරන සිංහල කඩ 4කටත් ගැහුවා.

එය සංවිධානය වී කළ දෙයක්.

එහිදී බැලුවේ ජාතිවාදය ඇති කරන්න.

අවුලක් ඇතිවුනොත් ජයගන්නේ ISIS ත්‍රස්තවාදය.

ජූලි කලබලයේදී ද්‍රවිඩ ජනතාව තරහ කරගත්තා වගේ අද ISIS වාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඩ වුනොත්
සටන ගෙනියන්නේ කොහොමද?

බුද්ධි අංශ වලින් කියනවා එහෙම තත්ත්වයක් ඇතිවුණොත් අපිට තොරතුරු ගන්න බැරිවෙනවා.

ප්‍රචණ්ඩත්වය ඇති කරන අය කරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම.

ඔවුනුත් ත්‍රස්තවාදීන් ලෙස සලකන්න ඕනේ. ඔවුන්ට උදව් කරන අයටත් සමාව නොදිය යුතුයි.” අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News