ජුනි 6 වැනිදා සිට රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙයි

Share

දින හතරක කාලයක් උපවාසයෙහි නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවත් ජූනි 06 වන දින පමණ වන විට ආහාර නොමැතිකම හේතුවෙන් උන්වහන්සේගේ ශරීර ශක්තිය පිරිහී විජලනය හා යම් යම් දුබලතාවන්ට පත්විය හැකි යැයි රතන හිමියන් වෛද්‍ය පරික්ෂණයට භාජනය කල වෛද්‍යවරුන් පැවසූහ.

ඉකුත් තිස්එක්වන දින පෙරවරු එකොළහට පමණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙහි වාඩිවී අඛණ්ඩ උපවාසයක නිරත වන උන්වහන්සේ පරීක්ෂා කිරීම පේරාදෙණිය , මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් විටින් විට සිදු කරනු ලබති.

විජලනය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය  සමන් නානායක්කාර මහතා උන්වහන්සේට උපදෙස් දුන්නේය.

Read more

Local News