රතන හිමිට සහාය පළ කරමින් මීගමුවේ සියලු පෞද්ගලික බස් වර්ජනයක

Share

උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහායෝගය පළ කරමින් මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට මීගමුව නගරයේ ත්‍රීරෝද ද සහාය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් මීගමුව නගරයේ මගීන් රැසක් අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන්.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉවත් කිරීම රතන හිමියන් ආරම්භ කළ උපවාසයේ ප‍්‍රමුඛ ඉල්ලීම් 03යි.

Read more

Local News