ප්‍රහාර ගැන වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (04) රැස්වීමට නියමිතව තිබේ.

පස්වරු 03.00 සිට රාත්‍රී 09.00 දක්වා එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්විමට නියමිත බව වාර්තා වන්නේය.

ඒ සඳහා පෙනී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කැදවීම් සිදුකර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ට කැදවීම් සිදුකර ඇති බව වාර්තා වන්නේය.

එමෙන්ම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පෙනී සිටින ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතාට ද දැනුම් දී ඇත.

මීට අමතරව එම කොට්ඨාශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට හෙට (04) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පෙනි සිටින ලෙස දැනුම් දි ඇත.

Read more

Local News