ඉවත් වූ ආණ්ඩුකාරවරු ගැන රතන හිමියන්ට දැනුම් දෙයි

Share

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආන්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම රතන හිමියන්ට දැනුම් දුන්නේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩුකාරවරුන් අද(03) පෙරවරුවේ සාකච්ඡාවක නිරත වුණි.

එම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

Read more

Local News