අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්

Share

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම එම ස්ථානයට පැමිණිම සම්බන්දයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් ලබා ඇත.

එයින් ඔහු පවසන්නේ අගරදගුරුතුමන් අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණිම බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සලන බවයි.

පාප් වහන්සේට සහ වාතිකානු පුවත් අංශයට ,අගරදගුරුතුමන්ගේ ක්‍රියා කාලපය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා එම ට්විටර් පිණිවිඩයේ මංගල සමරවීර මහතා සඳහන් කර ඇත.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්-මංගල

Read more

Local News