සහල් වර්ග තුනකට උපරිම සිල්ලර මිලක්

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සහල් වර්ග තුනකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කීරි සම්බා සහ සූදුරු සම්බා හැර දේශිය සුදු සම්බා කිලෝග්‍රැම් එකකට රුපියල් 85ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම මොට්ටයිකරුපන් සහ ආට්ටකාරි සහල් හැර සුදු නාඩු කිලෝග්‍රැමයකට රුපියල් 80ක් සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 74ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට වෙළඳාම් කිරීම, වෙළදාම් සඳහා ඉදිරිපත් කිරීම සහ වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

Read more

Local News