අද සුළං වැඩියි

Share

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ විශේෂයෙන් නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද(04) දිනයේ දී අ‍පේක්ෂා කරයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, සහ වයඹ පළාත්වල මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි අතර අනුරාධපුරයේ ද වැසි වාර කීපයක් ඇති වෙයි.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පලාත්වල ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 අතර තද වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර 40-50 දක්වා තරමක් සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News