රැවුල ගිනි ගන්න වෙලාවක සුරුට්ටු පත්තු කිරිම සුදුසු නැහැ

Share

තනතුරු බෙදා ගැනීම වෙනුවට මේ මොහොතේ කළ යුත්තේ රට පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් ගොඩ ගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා මේ බව පැවසීය.

“දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කරනවා තනතුරු බෙදා ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ඕනෙලු. මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා විදියටත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයත් හිමිවිය යුතුයිලු.

රට ගිනි ගන්න අවස්ථාවක මෙයද ප්‍රමුඛතාවය දිය යුතුවෙන්නේ. රැවුල ගිනි ගන්න වෙලාවක සුරුට්ටු පත්තු කිරිම සුදුසු නැහැ. 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිධූරයට කිසි කෙංගෙඩියක් කර ගන්න බැහැ කියලත් එතුමා කියනවා. එහෙමනම් එවැනි තනතුරක් ඉල්ලන්නේ ඇයි?

රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට ගෙනත් තියෙන විශ්වාසභංගය ජුනි 18 වැනිදාට කල් දැම්මා. ඒ අතරේ සමහර දේශපාලනපක්ෂ කියනවා මේ සම්බන්ධයෙන් තිරණයක් ගන්නේ අවසාන මොහොතෙලු.

ඇයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්වැට උඩ ඉන්නේ. යුද හමුදාපතිවරයාට තුන්වතාවක් අමතලා තමන්ගේ හිතවතුන් ගැන විමසීම අනුමත කරනවාද? එය අනුමත නොකරනවා නම් ඒ විශ්වාසභංගයට සහාය දෙන්න බැරි ඇයි.

කතානායකගේ හැසිරිමත් ඒ වගේමයි. එදා අපේ ආන්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ තියෙන්නේ මොනවාද කියලාවත් නොදැන ඒ මොහොතෙම විවාදයට ගන්නවා.

එසේ කරපු කතානායකවරයා මෙම්වගේ ගින්නක් ඇවිලෙස අවස්ථාවක ඇයි මාසයක් මේ විශ්වාසභංග යෝජනාව කල් දානනේ.  ඒ වගේම පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පිටු 20ක ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න සහායක් නොලැබුණු බව හා මේ අන්තවාදින් සම්බන්ධයෙන් කරපු බුද්ධි අංශයේ ඉහළ විමර්ශන සියල්ලක් අත් හිටුවන්න කියපු බවකුත් එහි සදහන් වෙනවා.

එතුමා බොරුවක් කිව්වොත් හිරේ යන්න වෙනවා. බුද්ධි අංශ හා නිතිය ක්‍රියාත්මක කිරිමේ අංශ අතර කිසිදු සම්බන්ධතාවයක් නැතිබවත් සදහන් කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට දුන් සාක්ෂි මගින් ඛේදවාචකයට දින 12ට පෙර මේ සම්බබ්ධයෙන් තොරතුරු රජයට ලැබී ඇති බව අනාවරණය වුනා.

ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් තුළ රැස්වුනේ නැහැ. මේ අපේ රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට පත් කර ගැනීමක් වෙන්නේ. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්නයි. නැතිව මේ විදියට කුළල් කා ගන්න කිව්වේ නැහැ.

එක පාර්ශ්වයකට සුදු හුණූ ගාලා අනෙක් පාර්ශිවයට දෙහි කපන්න අවශ්‍ය නැහැ. මේ දෙපාර්ශ්වයම රටේ තත්වයට වග කියන්න වෙනවා. සරත් විජේසුරීය වැනි අය ජනතාව ඉදිරියේ පාපොච්ඡාරණය කරලා සමාව ඉල්ලන්නේ ඒ නිසයි.“

Read more

Local News