විපක්‍ෂ නායක හා ඉතිරි කිරීමේ බැංකු සේවකයින් හමුවෙයි

Share

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් පිරිසක් සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

ඊයේ(03) පස්වරුවේ මෙම හමුව සිදුව ඇති බව විපක්‍ෂ නායක කාර්යාල පවසයි.

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතේ උප පාලිත සමාගමක් බවට පත්කිරීමට කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින්ට හිමි රාජ්‍ය බැංකුවක සේවක වරප්‍රසාද අහිමි වී දැනට දැනට එහි සේවය කරන 110 ක සේවක පිරිසට විශාල අසාධාරණයකට ලක් වන ඔවුන් මෙහිදී ගරු විපක්‍ෂ නායකතුමා වෙත පෙන්වා දෙන ලදී.

ප්‍රමුඛ ඉතිරි කිරීමේ සංවර්ධන බැංකුව 2002.05.25 වන දින වසා දමා එහි සියලු වත්කම් හා වගකීම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ගනු ලැබීමෙන් එකී බැංකුවේ තැම්පත් කරුවන්ට සිදුවූ අසාධාරණයට විසදුමක් ලෙස 2008.03.10 වන දින මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පිහිටවූ බවත් එම තැම්පත් කරුවන්ගෙන් 80%කට තම තැන්පතු මේ වන විට ගෙවීමට කටයුතු කර ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී.

ඉතිරි 20% ක තැන්පතු මුදල් ගෙවීම සඳහාද බැංකුව සතුව මුදල් ඇති බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව මහ බැංකුව සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස එම අවස්ථාවට එක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ අවධානයද මේ සඳහා යොමු කරවීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද එක්වූහ.

Read more

Local News