ආණ්ඩුවේ අවසන් අදියර පැමිණි බව සුසිල් කියයි

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අසතුටෙන් සිටින බවත් මේ වන විට ආණ්ඩුවේ අවසන් අදියර පැමිණ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

ඊයේ පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ජනතාව දක්වන විරෝධතාවය අනුව පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ආණ්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ. රට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පාලනය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි. මැතිවරණය පවත්වන්න යෝජනාවක් ගෙනාවොත් අපි ලැහැස්තියි  ඕන වෙලාවක අපේ ඡන්දය දෙන්න.”

Read more

Local News