පොලිස්පති අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Share

අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (04) දෙවන වරටත් රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම විශේෂ කාරක සභාව පළමු වරට රැස්වූයේ ඉකුත් 29 වැනිදායි.

ඒ අනුව විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා පළමුව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ කැඳවා තිබුණා. අනතුරුව ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් ද විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන්නා.

ඔවුන්ගේ සාක්‍ෂි ලබාදීම මාධ්‍ය හරහා සජීවිව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ විවේචනද එල්ල වුණා.

මේ අතර අද දිනයේ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News