සංචාරකයන් පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වෙයි

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව දැඩි බලපෑමක් එල්ල වී තිබූ සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට තිබූ බාධා ලිහිල් කිරීමත් සමගින් මෙරට සංචාරය කිරිමට පැමිණෙන සංචාරකයන්ගේ පැමිණීම්හි වර්ධනයක් මේ වන පෙන්නුම් කරමින් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රථමව දිනකට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි හා ඉන් පිටත්ව ගිය ගුවන් යානා වාර ගණන 170 ඉක්මවිය. එම ප්‍රමාණයද දැන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් ගුවන් ගමන් වාර 150/160ක් අතර ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

Read more

Local News