කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක හමුවෙයි

Share

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර සිදුකරන ව්‍යාපාරිකයින් මෙන්ම ඒ හා බැදුණු දිවයිනේ සියළුම නගරවල ව්‍යාපාරිකයින් අතිශය දුක්ඛිත තත්ත්වයකට සහ අවිනිශ්චිත තත්ත්වයකට මේ වන විට මුහුණ පා ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති තවත් ගැටළු රැසක් සම්බන්ධයෙන් ද ඔවුන් විපක්ෂ නායකවරයා දැනුවත් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය.

Read more

Local News