බඹරු පහරදිම නිසා මැදිරිගිරියේ පාසලක් වසයි

Share

මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද (04) දින බඹරු පහරදිම නිසා දරුවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමවුපියන් විසින් පාසල වසා දමා ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

මෙසේ බඹරු පහර දිම නිසා  5 වසර සිසුන් තිදෙනෙකු මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බව දිවුලන්කඩවල පාසලේ විදුහල්පති පැවසීය.

විද්‍යාලය  ඉදිරිපිට ඇති ජලය බෙදාහරින ස්ථානයක  ජල ටැංකියේ බැඳ ඇති බඹර වදයක් ඇවිස්සිම නිසා ඒ ආසන්නයේ ඇති පාසලේ දරුවන්ට ප්‍රහාර එල්ල කර තිබේ.

මේ හේතුව නිසා පාසලට පැමිණි සහ පාසල වෙත එමින් සිටි සියලු දරුවන් දෙමවුපියන් විසින්  තම දරුවන්  නිවෙස් කරා රැගෙන යැමට කටයුතු කර ඇත.

දෙමවුපියන් පවසා සිටින්නේ එම බඹර වදය වහාම ඉවත් කිරිමට කටයුතු කරන ලෙස  බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ  මැදිරිගිරිය පොලීසිය පවත්වයි.

Read more

Local News