නව දැක්මකින් යුත් ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

Share

උද්ගතවී ඇති ප්‍රශ්න විසඳීමට නව දැක්මකින් යුත් ජාතික නායකත්වයක් රටට අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ගොඩකවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ ප්‍රශ්නය ලෙස වර්තමානයේ පවතින තත්ත්වය ලෝකය පටලවාගෙන ඇති ප්‍රශ්නයක් බව ද පැවසු පරණවිතාන මහතා, අපි මුහුණ දී අනෙක් ප්‍රශ්න හා සැසඳීමේ දී මෙය සංකීර්ණ තත්ත්වයක් බව ද පැවසීය.

පටු දේශපාලන මතවාදයන්ගේ සිට දඟලන අයට හා කුමන්ත්‍රණ සිදු කරන අයට මේවා විසඳිය නොහැකි බවත් පැවසු පරණවිතාන මහතා, මේ රටේ ජාතික සමඟිය තහවුරු කරමින් වැටුණු ආර්ථිකය ඇති කළ හැකි හා මිනිසුන් අතර සොම්නස ඇති කළ හැකි නව ජාතික නායකත්වයත් අවශ්‍ය බව ද පැවසීය.

225 ඉවත් කරත් තවත් පිරිසක් පැමිණෙන බවත් පැවසු පරණවිතාරන මහතා, මෙයට දේශපාලනය අවශ්‍ය බවත්, වැරදි දේශපාලනය වෙනුවට නිවැරදි දේශපාලනයක් අවශ්‍ය බව ද කියා සිටියේය.

අද වන විට උත්තර නැති බවත් චෝදනා පමණක් ඉතිරි වී ඇති බවත් පැවසු ඒ මහතා, උත්තර සෙවිය යුතු බව ද පැවසීය.

Read more

Local News