මුලතිව් වල තිරික්කල් තරඟයක් (ඡායාරූප)

Share

දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක් මුලතිව්හි ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.

වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගවයින් යුගළ 48 ක් මෙම තරගාවලිය සඳහා සම්බන්ධ විය.

මෙම තරගය නැරඹීහමට මුලතිව් වැසියන් විශාල පිරිසක්ද සහභාගී විය.

ගවයින්ට දිනෙන් දින සිදු වන හිරි හැර අවම කිරීම හා ගවයින් මස් පිණිස මරා දැමීමෙන් වැළැක්වීමටත් ගවයාගේ වටිනාකම ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කළ බවට මුලතිව් ගව ගැල් සංගමය පැවැසීය.

කෙසේ වෙතත් තිරික්කල් තරග හරහා ගවයින් පීඩාවට ලක්වන බව සත්ව අවිහිංසාවාදී සංගම් සඳහන් කරයි. පසුගිය කාලයේදී මෙම තරග සඳහා විරෝධයක්ද එල්ල විය.

Read more

Local News