තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් සොයාගනී

Share

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද(04) අළුයම මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් සොයාගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝග්‍රෑම් 1011.3 කින් යුත් බීඩිකොළ පාර්සල් 33 ක් සමඟ සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 56 සහ 27 වියෙහි පසුවන තෝඩ්ඩවේලි සහ එරුක්කුලම්පිඩඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

Read more

Local News