කාසල්රි ජලාශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් මුදා හැරේ

Share

කාසල්රි ජලශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් හැත්තෑපන්දහස් මුදා හැරිම අද(04) සිදු කෙරිණ.

උඩවලව ක්‍රාෆ්ට් මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මිරිගල් මත්ස්‍යය ඇගිල්ලනුයි මෙසේ ජලාශයට මුදා හැරුණේ.

මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බවත්, වසරක් වැනි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මෙන් දස ගුණයකින් මෙම මිරිගල් මත්ස්‍යයින් බෝ වන බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යපෘති නිලධාරි කියා සිටින්නේ.

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමටත්, වතු කම්කරුවන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින්, කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවටයි සඳහන් වන්නේ.

Read more

Local News