රිෂාඩ්, සාලි, හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න කමිටුවක්

Share

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

ඊට අද(04) සිට ලබන 12 වනදා දක්වා ජනතාවට ලිඛිතව පැමිණිලි ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අදාළ කමිටුවට පැමිණිලි ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටින්නේ.

Read more

Local News