කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණලා නෑ

Share

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා නොමැති බවත් එය හවුල් ව්‍යාපාරයක් (Partnership) ලෙස පවත්වාගෙන යන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතන දියුණු කිරිමට මුදල් නොමැති බවත් රටේ ජාතික ආදායම ණය වාරික හා පොලිය ගෙවීමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News