සැකයේ අඳුර දුරුවී සහෝදරයින් ලෙස අත්වැල් බැඳ ගනිමු – ජනපතිගේ රාමලාන් සුබ පැතුම

Share

අදට යෙදී ඇති ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

අනෙකාගේ කුසගින්නෙහි වේදනාව අත්විදීමෙන්, පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳීමට පුරුදු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයාට තිළිණයක් බව ජනාධිපතිවරයා රාමසාන් දින සුබ පැතුම් පණිවිඩය එක් කරමින් සඳහන් කරයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරන්නේ විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය සහ වන්දනාව යන්න ප්‍රධාන කරගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහම අදහන බැතිමතුන්ගේ මෙම රාමසාන් උත්සවය ප්‍රීතිමත් එකක් වන්නට ප්‍රාර්ථනා කරන බවයි.

අවිශ්වාසයේ සහ සැකයේ අඳුර දුරුවී සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් සියලු දෙනා යාඥා කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්ය.

Read more

Local News