මංගලට, රාජිතට හා චතුරට ගම්පහ පන්සල් තහනම් වෙයි

Share

අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන් කරන ලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට ගම්පහ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමට, ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4) රාත්‍රීයේදී තීරණය කළහ.

ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.

ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය, ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියන් විසින් ප්‍රකාශ කොට සිටියහ.

තවද උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිදු විහාරස්ථානයට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව  ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවයි.

Read more

Local News