අද ලෝක පරිසර දිනයයි

Share

ලෝක පරිසර දිනය අද(05) ට යෙදී ඇති අතර “තිරසර වන කළමනාකරණය මගින් වායු දූෂණය දුරලමු” යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වී ඇති බව පරිසර අධිකාරිය සඳහන් කළේය.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද දක්වා ගෙවුණු සතිය ”ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබුණි.

මැයි 30 වනදා පරිසරය පවිත්‍ර කිරිමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කර දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් සංවිධානය කර තිබුණි.

අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ.

මේ වන විට ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනෙකු අතරින් නව දෙනෙකුම ජීවත් වනුයේ, ජීවත් වීමට සුදුසු වාතාශ‍්‍රයකින් යුතු පරිසරයක නොවන බව සොයාගෙන තිබෙන අතර, නවතම සොයාගැනීම අනුව අපිරිසිදු වාතය ආඝ‍්‍රාණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන පිරිස මිලියන 07 කට ආසන්න බව ඇස්තමේන්තු කර ඇත.

මෙසේ මිය යන පිරිසෙන් මිලියන 04ක පමණ ප‍්‍රමාණයක් ආසියානු හා ශාන්තිකර කලාපීය රටවල්වලින් වාර්තා වේ.

Read more

Local News