රතන හිමි නිසා සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වෙයිද ?

Share

පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඊයේ(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

සහරාන්ගේ ඇතුලු අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද පැවසීය.

ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද පැවසීය.

මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වු බවත් පැවසු ඥානසාර හිමි පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බවද සඳහන් කළේය.

මේ වන විට චම්පිකගේ ගේමක්ද? – ගෝඨා ගේන වැඩක්ද? යනුවෙන් ප්‍රශ්න කරන නමුත් ඇත්ත ප්‍රශ්නය යට ගිය බවත් පැවසු උන්වහන්සේ උපවාසයට නොගියේ නම් ඊයේ කොතැනක හෝ යම් ගැටූමක් ඇති වුයේ නම් සියලු දේට තමා වගකිව යුතු බව පවසන බව ද ඥානසාර හිමියන් පැවසීය.

ජාතික ව්‍යාපාරයේ ගුරුහරුකම් දුන් අයෙක් බැවින් රතන හිමියන් බැහැ දැකීමට ගොස් පුද්ගලයින් 3ක් නිසා දුර්වල වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ දේ කළ බවත් පසුව නොසිතු දෙයක් සිදු වු බව ද පැවසු ඥානසාර හිමියන් මේ මොහොතේ තිබිය යුත්තේ එක න්‍යාය පත්‍රයක් බවත් පැවසීය.

මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක් බවත් මීට පසුව කිසි කෙනෙකුට මෙය අතට ගැනීමට ඉඩ නොදී තමා මෙය පාලනය කරන බවත්, ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කල බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහව ගේන්න රතන හිමියන් කැපවී වැඩ කල බවත් පැවසු උන්වහන්සේ ඔවුන් මේ මොහොතේ මුස්ලිම් ඡන්ද රැක ගන්න ආකාරය ගැන ඔවුන් කල්පනා කරන බව ද සඳහන් කළේය. එක්කෙනෙකුට අයින් වෙන්න කිව්වාහම ඇයි සියලු දෙනා ඉවත් වුණේ? යනුවෙන් මාධ්‍යවේදීන් මෙහෙදී ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, එය සමඟිය බවත්, සිංහල නායකයින්ට නැති සමඟිය ඔවුන්ගෙන් බලා හෝ ඉගෙන ගත යුතු බවයි.

ඉදිරියේදි මැතිවරණයකුත් එනවා ඔබවහන්සේ බලාපොරොත්තු වෙනවද ඉදිරියේදි ඇතිවන දේශපාලන විපර්යාසයකින් අනතුරුව ඔබ වහන්සේගේ මතවාදය හෝ මෙම ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න පුළුවන් වෙයිද?

ඓතිහාසික තින්දුව ජූලි මස 7 වන දින ගන්නා බවත්, රටට ඇත්තේ එක මඟක් එයින් ජයග්‍රහණය කරන්නේ රටේ ජාතිය බව ද ඥානසාර හිමි පැවසීය.

Read more

Local News