රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Share

උපවාසය අත්හැරීමෙන් පසු රෝහල්ගත කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක මහතා පවසයි.

මේ අතර රතන හිමියන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක හර්තාල් සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.

ආණ්ඩුවේ තනතුරු දැරූ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව ශ්‍රී දළදා මාළිගාව අභියස පූජ්‍ය අතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසය පසුගියදා අවසන් කෙරුණි.

දින 04ක් නිරාහාරව සිටිමෙන් දුර්වලව මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු උන්වහන්සේ තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියි.

අතුරලියේ රතන හිමියන්ගේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් පිටකොටුව මැනිං වෙළඳ ප්‍රජාව ඊයේ දින සිය වෙළඳසල් වසා දැමීය.

මේ මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් වෘත්තීමය හා විද්වත් කාන්තාවන්ගේ සංවිධානය ඊයේ බත්තරමුල්ලේදී නිහඬ විරෝධතාවක් පැවැත් විය.

හොරණ ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුණේ ඉස්ලාම් අන්තවාදීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින්.

ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බලකරමින් මැදිරිගිරිය ජාතිය සුරැකීමේ සංවිධානය පාගමනක් සංවිධාන කර තිබුණි.

ඒ සඳහා මැදිරිගිරිය වෙළඳ සංගමය ද සිය වෙළඳසල් වසා සහාය පළ කර සිටියේය.

තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානය සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සංවිධාන කළ විරෝධතා පාගමනක් හා ජනහමුවක් පැවැත්වුණේ අන්තවාදයට සහාය දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට එරෙහිව සිංහලේ අපි සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාට උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ සමයේ ජාතිය මත පදනම්ව සිදුකළ සිසුන් තෝරාගැනීමක් සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී උන්වහන්සේ මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය.

Read more

Local News