අනතුරකින් පදිකයෙක් මරුට

Share

දිවුලපිටිය, මීගමුව මාර්ගයේ මීගමුව දෙසට ධාවනය වූ කිසියම් වාහනයක මාර්ගයේ ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර සඳහා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේම පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සිදු කළ වාහනය පලාගොස් ඇති අතර දිවුලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News