රනිල් තවත් හමුවක

Share

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ඊයේ(04) මෙම හමුව සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මහතා මෙහිදී අවධාරණය කළේය.

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනිණි.

වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි, මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන්, සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Read more

Local News